හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කාගෙන්ද මම උදව් ගන්නේ? (Who is going to help me..?)

කාගෙන්ද මම උදව් ගන්නේ?..

මටත් අන්තර්ජාලය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා....මගේ ඉ-මේල් එක හැක්වෙලා ...එහමත් නැත්නම් නරක විදියට වෙනස් කරපු මගේ පින්තූරයක් මූණු-පොතේ( facebook) එකේ පළ කරලා....මම කාටද කියන්නේ?

මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබටත් ඇතිවුනාද? නැත්නම් ඔයාගේ යාලුවෙක්ට, දන්න කියන කෙනෙකුට සිද්ධවුනාද?

එහෙම ප්‍රශ්නයක් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔයා දන්නවාද මොකද්ද නිවැරදි පිළිතුර කියලා..

ලංකාවේ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආයතනය කීපයක් තියෙනවා. එවැනි ප්‍රධාන ආයතන 03ක් ගැන කෙටි විස්තරයක් මේ.

1.ඉන් පළමු වැන්න ශ්‍රී ලංකා පොලීසිය (Sri Lankan Police Cyber crime unit )

අන්තර්ජාලය තුල සිදුවන වංචනික හෝ අයථා ක්‍රියා සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කරල තියෙනවා Internet Crime Complaint Centre (IC3) කියල තමයි කියන්නේ.
-විශේෂයෙන් සමාජවෙබ් අඩවි (උදා: facebook, twitter ආදී) තුල සිදුවන අකටයුතු කම් පිළිබඳ ඔබේ පැමිණිලි යොමුකරන්න සහ තොරතුරු ලබා ගන්න පහත දුරකතනය හරහා සිදුකරන්න පුලුවන්.
 011-242-3945
මේ විදියට පැමිණිල්ලක් සිදුකරන එක (අපි සාමාන්‍යයෙන් කියන්නේ එන්ට්‍රි එකක් දානවා කියලා) හරිම වැදගත්. ඒ මොකද කියල මම කියන්නම්. මෙම වංචාව සිදුකරන ලද පුද්ගලයා/ආයතනය පිළිබඳ නීතිමය කටයුතු සිදු කරන්නට සහ අන්තර්ජාලය හරහා ඒ පුද්ගලයා හසු කරගැනීමට කටයුතු කිරීමටත් පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.


2.ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.( Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)


ලංකාවේ Cyber Security පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් තමයි ශ්‍රී ලංකා සර්ට් (SLCERT) ආයතනය. පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් මෙම ආතනය මගින් ලබාදෙන මූළික සේවාවක්. මෙම ආයතනය මගින් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. අන්තර්ජාලය හරහා සිදුකරන වංචනික ක්‍රියා පිළිබඳ සොයාබලන්න විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ඔබට අවශ්‍ය සහය ලබා දීමටත් මෙම ආයතනය බැඳී සිටිනවා.

පහතින් දැක්වෙන්නේ එම ආයතනය සමඟ සම්බන්ධවෙන්න අවශ්‍ය විස්තර:
ඔබට එවැනි සිද්ධියක් පිළිබඳ පැමිණිලි කිරීමට : www.slcert.gov.lk/report.html
වෙබ් අඩවිය : www.slcert.gov.lk
ලිපිනය:  කාමර අංක 4-112, බන්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.
දුරකතන: +94 11 269 1692 / 269 5749 / 267 9888
විද්යුත් තැපැල: slcert@cert.gov.lk
ෆැක්ස්: +94 11 269 1064

3.TechCERT ආයතනය

ටෙක් සර්ට් (TechCERT) ආයතනය කියන්නේ LK Domain Registry කියන ආයතනයේ එක් අංශයක්. මෙම ආයතනය මගිනුත් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. මෙම ආයතනය Cyber Securiry හා වැදගත් වෙන නවතම තොරතුරු ලබාගැනීම සඳහා දේශීය මෙන්ම අන්තර්ජාතික ආයතනයන්  සමඟත් කටයුතු කරනු ලබනවා.

Facebook සම්බන්ධ පැමිණිලි : http://www.techcert.lk/fbreport/
Security සම්බන්ධ පැමිණිලි : http://techcert.lk/index.php/en/report-security-incident
වෙබ් අඩවිය http://www.techcert.lk 

ලිපිනය : 545/4 , ඩි සොයියා පාර, මෝල්පේ, මොරටුව,  10400, ශ්‍රී ලංකාව
දුරකතන : +94114216062
සෘජු දුරතන අංක : +94114219125 , 0114- 462 562 (hotline)
ෆැක්ස්: +94112650805
විද්‍යුත් තැපැලinfo@techcert.lk


Who is going to help me..?

“I have a cyber security problem.. My email is hacked..or one of my photo is edited and used for pornography or published on facebook… To whom should I tell this?”

Have you ever faced such an incident? Or have had this happen to one of your friend or someone known?

If someone asks such a question from you, do you know what the correct answer?

Basically there are several institutes those act against cyber frauds. Let’s have a look at 03 of them.


Number 1 : Sri Lanka Police (Sri Lankan Police Cyber crime unit)


Internet Crime Complaint Centre (IC3) has been established at Police Headquarters with the collaboration of Criminal Investigation Department & Information Technology Division to receive and investigate regarding criminal complaints in the rapidly expanding arena of cyber crime.
You can place a complaint or get help from them regarding cyber frauds (especially thru social media such as facebook, twitter) and get information via telephone number below.
011-269-1692

Placing a complaint is really important. Why? That is  NEEDED to take the legal actions against the racketeer and to track the person.


2.SLCERT

SLCERT is one of the main institutes which provide cyber security emergency responses. It also supports the Sri Lanka Police to resolve the complaints you made regarding cyber security.
To protect Information Technology users in the Public and Private Sector Organizations and the General Public by providing up-to-date information on potential threats and vulnerabilities and by undertaking computer emergency response handling services .

Here are the contact details:
Place a complaint here: www.slcert.gov.lk/report.html

Room 4-112, BMICH, Bauddhaloka Mawatha,
Colombo 07, Sri Lanka.

Tel: +94 11 269 1692 / 269 5749 / 267 9888
Fax: +94 11 269 1064


3.TechCERT

 TechCERT is a division of LK Domain Registry and has its origins in a pioneering project of the LK Domain Registry with academic partners to provide computer emergency response services to the public and private sector institutions in Sri Lanka.  TechCERT has collaborative partnerships with several national and global information security organisations that provide latest data on computer and network security threats and vulnerabilities.  


Facebook complaints  : http://www.techcert.lk/fbreport/
Address :A division of LK Domain Registry,545/4 De Soysa Road, Molpe,Moratuwa 10400, Sri Lanka
Tel: +94114216062
Hot-line : +94114219125, 0114-462562 (hotline)
Fax: +94112650805
Email:  info@techcert.lk


Web:  http://www.techcert.lk

Post a Comment

0 Comments