හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අන්තර්ජාලයේ අනතුරු (internet frauds)

මේ ලිපියෙන් කලින් ලිපියේ සඳහන් කළ අනතුරු ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්නේ...

සයිබර් ස්ටෝකින්(ග්) (Cyberstalking )

මෙයින් අදහස් වෙන්නේ අන්තර්ජාලය/විද්‍යුත් තැපැල හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රම භාවිතා කරල තවත් අයෙකුට/කණ්ඩායමකට/ආයතනයක් පීඩාවට පත් කරන්න, හිරිහැර කරන්න උත්සාහ කිරීම. මෙය ද්වේශ සහගත තර්ජනයන් , බොරු චෝදනා, අපහාස කිරීම, දත්ත/උපකරණ වලට හානි කිරීම, බාලවයස්කරුවන් සඳහා ලිංගික පෙළඹවීම්,  ලෙස සිදු කරන්න පුලුවන්.

සයිබර්හැරස්මන්ට් (Cyberharassment)

මෙයින් සයිබර් ස්ටෝකින් තරම් තර්ජනයක් නැති වුනත් විද්‍යුත් තැපැල් ලිපි මගින්,  චැට්/ instant messages මගින්, බ්ලොග්  අඩවි හෝ වෙබ් අඩවි මගින් කෙනකුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ ගන්නවා.

සයිබර් බුලි(ංග්)

ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන තාක්‍ෂණය යොදාගනිමින් පණිවිඩ  හරහා කෙනෙකුව බය කිරීම, තර්ජනය කිරීම.

සයිබර් ඇටැක්  : මෙය සයිබර් ත්‍රස්තවාදය කියලත් හඳුන්වනු ලබනවා. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක තොරතුරු පද්ධති, පරිගණක ජාල,  යටිතල පහසුකම්, පුද්ගල පරිගණක තොරතුරු ලබා ගැනීම වෙනස් කිරීම හෝ හානි කිරීම අරමුණු කරගෙන සිදුකරනු ලබනවා

ෆිෂිං  (Phishing) : ෆිෂිං - මාලු අල්ලන්න නම් නෙවෙයි. හැබැයි ඒවගේ කරන වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ.  Phishing මගින් සිද්ධ වෙන්නේ යම් අයෙකුගේ පරිශීලක නාම, රහස් අංක, ණය කාඩ්පත් වල තොරතුරු (මේ මගින් මුදල්) හොරෙන් ලබා ගැනීමයි/ලබා ගැනීමට උත්සාහ කිරීමයි. මෙය ඔබ භාවිතා කරන ජනප්‍රිය සමාජ ජාල/අඩවි, බැංකු , මාර්ගගත ගෙවීම් පද්ධති (Online payment system), වැනි සාමාන්‍ය ජනතාව සැක නොකරන (ඇත්තටම විශ්වාසය තබා සිටින) මාධ්‍ය අපහරණයට ලක්කිරීමක්.

ස්පෑම් : අනවශ්‍ය සහ අනපේක්‍ෂිත ඉලෙක්ට්‍රොනික පණිවිඩ (විශේෂයෙන් විද්‍යුත් තැපැල් ලිපි)

බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම :
ඔබේ බුද්ධිමය දේපල වල අයිතිය උල්ලංඝනය කිරිම. එනම් ඔබට අයත් ඩිජිටල් තොරතුරක්/අන්තර්ගතයන් (content) ඔබේ අනුදැනුමකින් තොරව වෙනත් ක්‍රියා සදහා භාවිතා කිරීම/ පළ කිරීම.

අන්තර්ජාලය හරහා සිදු කරන ලිංගික බලපෑම්
ලිංගික වශයෙන් අයුතු බලපෑම් /බලහත්කාරකම් සිදුකිරීම වගේම ලිංගික ක්‍රියාකරකම් සඳහා අයුතු යෝජනා, ‍ඉල්ලීම් අන්තර්ජාලය හරහා සිදුකිරීම, එවැනි පින්තූර හෝ වීඩියෝ පෙන්වීම.

මීට අමතරව මේ දිනවල වැඩිපුරම අහන්න ලැබුණ දෙයක් තමයි විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ පින්තුර අරගෙන වෙනස් කර පළ කිරීම. මේවා වැඩිපුර pornography සඳහා තමයි භාවිතා කරන්නේ... විශේෂයෙන් සමාජ වෙබ් අඩවි වලට ඔබේ පින්තුර ලබා දෙන විට වඩාත් සැලකිලිමත්වන්න.

මේ අර්ථදැක්වීම් සදහා තොරතුරු ලබා ගන්තේ වෙබ් අඩවි සහ මූලාශ්‍රවලින්. විශේෂයෙන් විකිපීඩියා භාවිතා කරල. පහත ඉංග්‍රීසි භාෂාවෙන් අර්ථදැක්වීම් ලබාගත් මුලාශ්‍ර දක්වලා තියෙනවා.


Here, it is a small introduction of cyber frauds stated in the previous post.
  
Cyberstalking :
Cyberstalking is the use of the Internet, email or other electronic communications to stalk or harass a group of individuals, or an organization, and generally refers to a pattern of threatening or malicious behaviors. It may include the making of false accusations or statements of fact (as in defamation), monitoring, making threats, identity theft, damage to data or equipment, the solicitation of minors for sex, or gathering information that may be used to harass.  Cyberstalking may be considered the most dangerous of the three types of Internet harassment, based on a posing credible threat of harm.
Source: The National Conference of State Legislatures (NCSL) & wikipedia

Cyberharassments:
Cyberharassment differs from cyberstalking in that it may generally be defined as not involving a credible threat. Cyberharassment usually pertains to threatening or harassing email messages, instant messages, or to blog entries or websites dedicated solely to tormenting an individual.
Source: The National Conference of State Legislatures (NCSL)

Cyberbullying : The use of electronic communication to bully a person, typically by sending messages of an intimidating or threatening nature:
Source: online oxford dictionary definition http://www.oxforddictionaries.com/definition/english/cyberbullying

Cyber attacks: Cyber attacks, also referred as cyberwarfare or cyberterrorism in specific situations, is a type of offensive maneuver employed by both individuals and whole organizations that targets computer information systems, infrastructures, computer networks, and/ or personal computer devices by various means of malicious acts usually originating from an anonymous source that either steals, alters, or destroys a specified target by hacking into a susceptible system.

Phishing : Phishing is the act of attempting to acquire information such as usernames, passwords, and credit card details (and sometimes, indirectly, money) by masquerading as a trustworthy entity in an electronic communication. Communications purporting to be from popular social web sites, auction sites, banks, online payment processors or IT administrators are commonly used to lure unsuspecting public

Spam: Unsolicited or undesired electronic messages

infringement Intellectual property: An intellectual property infringement is the infringement or violation of an intellectual property right..

Online Sexual harassment/ abuse;
This is bullying or coercion of a sexual nature or the unwelcome or inappropriate promise of rewards in exchange for sexual favors through online.

Source: Wikipedia

Post a Comment

0 Comments